Food & Health

Zoom meetings ගැන හැම දෙයක්ම සිංහලෙන් දැන ගන්න

person

ඔබ දැනටමත් zoom app , zoom meeting බාවිතා කරනවා විය හැකියි. නැති නම් ඔබ ඉදිරියට zoom බාවිතා කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා විය හැකියි. Zoom app , zoom meeting කියන්නේ මොකක්ද? දිනෙන් දින සොයා ගන්නා අදි තාක්ෂණික ක්‍රම රැසක් මගින් නවීකරනය වූ මේ වර්තමාන සමාජයේත්, දැනට ලෝකයේ පවතින වසංගත රෝග තත්වයත් එක්ක හැමෝම පුරුදු වෙලා ඉන්නෙ තමන්ගෙ ජීවිත ආරක්ෂාව තියාගෙන ස්ථාන දෙකක සිට දුරස්ථව වැඩ කටයුතු කරගන්න වගේම ළමයින්ගේ අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය හරහා දුරස්ථව සිදු කරන්න සහ ආරක්ෂාකාරීව සිදු කරන්න.

වර්තමානයේ ලොව පුරා වේගයෙන් පැතිර යන covid 19 වසංගත රෝග තත්වය හමුවේ බොහෝ දෙනා මේ zoom app එක බාවිතා කරන්නට හුරු වී තියෙන්නේ මෙය සැමටම බාවිතා කරන්න පහසු නිසායි. මීටරය දුර සංකල්පය සමග එදිනෙදා ජීවිතයේ සියළු කටයුතු කරගන්නට අප ඔබ සැම පුරුදු වී තිබේ. Covid 19 වසංගතය නිසා lockdown කරන විට අධ්‍යාපනය ලබන ළමයින්ගේ අධ්‍යාපනය ඇණහිටීමට නොදී zoom meeting එක හරහා උපකාරක පංති පවත්වන්නටත්, ළමයින් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්නටත් මේ zoom app- zoom meeting එක බෙහෙවින් උපකාරි වෙනවා. ඒ වගේම දැන් කාටත් ඇසෙන්න ලැබෙන 'work from home' .. කාර්යාලයේ වැඩ ආරක්ෂක හේතූන් මත නිවසට වී කිරීමට ඔබට සිදු වී තිබෙනවා. එවිට ඔබට කාර්යාලයේ වැඩ කරන අනිත් සේවකයන් සමග zoom meeting එක හරහා ඔබේ සියළු වැඩ කටයුතු කරන්නට හැකියි. Covid 19 වසංගතය නිසා අපහසුතාවයට පත් වී lockdown නිසා කාර්යාලයට යාමට නොහැකිව නිවසේ සිටින ඔබට කාර්යාලයේ වැඩ පහසුවෙන් කර ගැනීමට zoom meeting බෙහෙවින් උපකාරී වේ. මේ ලෙස Zoom app එක මගින් ඔබට තවත් බොහෝ දේ කල හැකියි. Zoom app එක ඔබ ලග නැතිවම බැරි ඇප් එකකි. Zoom app එක ගැන දන්නා ඔබ වගේම Zoom app ගැන නොදන්නා අයටත් Zoom app බාවිතය පිලිබද සරල දැනුමක් මේ ලිපියෙන් ලබාගත හැකි වේවි.

person

ඔබ දැනටමත් මේ වගේ වැඩ කටයුතු වලට විවිද වීඩියෝ conference සොෆ්ට්වෙයා බාවිතා කරනවා ඇති. මේ ලෙස වීඩියෝ conference සදහා බාවිතයට ගනු ලබන ඉතා ප්‍රසිද්ධම සොෆ්ට්වෙයා එකක් තමයි මේ zoom කියන application එක. මේ zoom app එක මගින් අන්තර්ජාලය හරහා ඔබට ඉතාම පහසුවෙන් online meeting එකක් හසුරවන්න , online අධ්‍යාපන කටයුතු සිදු කරන්න, online classes පවත්වාගෙන යන්න වගේ තව බොහෝ විවිද දේවල් සිදු කරන්න පුළුවන්. ඔබේ පරිගණකයෙන් පමණක් නොව ඔබේ ස්මාට් ජංගම දුරකතනයෙන් වුවද zoom app එක බාවිතා කල හැකියි. වර්ථමානය වන විට එක් දිනකට පුද්ගලයින් මිලියන තුන්සීයක් පමණ මෙම zoom meeting වලට සහභාගි වෙනවා. Zoom යනුවෙන් හදුන්වන්නේ සරලවම වීඩියෝ conference එකක් මගින් අන්තර්ජාලය හරහා තවත් පිරිසක් සමග සම්බන්ද වීමයි. මෙම zoom app එක භාවිතා කරන්න වගේම හසුරවන්නත් ඉතාම පහසුයි, සරලයි. ඔබට ඔබගේ පරිගණකයෙන් හෝ ජංගම දුරකතනයෙන් මෙම zoom app එක බාවිතා කල හැකියි

ඔබට සාර්ථකව zoom meeting එකක් පවත් වන්නට මේ Zoom free පැකේජය ප්‍රමාණවත්. ඔබට zoom meeting එක පවත් වන අතරතුර එයට සහභාගි වන අනිත් අය සමග ඔබේ screen එක share කර ඔබ සතුව ඇති තොරතුරු සහිත screen එක ඒ zoom meeting එකට සහභාගී වන්නන්ට බෙදා දීමේ හැකියාවක් මෙන්ම අනිත් සහභාගි වී සිටින අය සමග චැට් කිරීමේ හැකියාවද ලබා දී තිබෙනවා. Zoom pro පැකේජය.. මේ පැකේජය ඔබ මුදල් ලබා දී ලබා ගත යුතු පැකේජයකි. Zoom pro පැකේජය මගින් ඔබට personal meeting ID එකක් create කිරීමට ඔබට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ වගේම Zoom pro පැකේජය මගින් ඔබට zoom meeting පැවැත් වීමට පැය විසි හතරක කාල පරාසයක් ඔබට ලබා දී තිබෙනවා. චැට්, screen share කිරීම වගේම ඔබ පවත් වන ඔබේ zoom meeting එක පටිගත කිරීමටද මේ Zoom pro පැකේජය මගින් ඔබට අවස්ථාව ලබා දී තිබෙනවා. Zoom business.. Zoom business පැකේජය ඔබ මුදල් ගෙවා ලබා ගත යුතු පැකේජයකි. මෙය හුදෙක්ම ව්‍යාපාර සමාගම් වලට පහසු ලෙස සකසා ඇති පැකේජයකි. ඔබට Zoom business පැකේජය මගින් zoom meeting එක පටිගත කිරීමේ හැකියාවද ලැබෙන අතරම ඔබට පාරිබෝගික සේවා සහයක්ද මේ Zoom business පැකේජය මගින් හිමි වේ. Zoom enterprise.. මෙය මුදල් ගෙවා ලබා ගතයුතු පැකේජයක් වන අතර හුදෙක්ම දහසකට වඩා සේවකයින් පිරිසක් සිටින සමාගම් වලට සුදුසු පැකේජයකි. Zoom enterprise පැකේජය මගින් zoom meeting එක පටිගත කිරීමේ හැකියාව, පාරිබෝගික සේවා සහය මෙන්ම වට්ටමක්ද ලබා ගත හැකි වේ.

person

shareShare this article