free counter statistics


මෙහෙයවීම : බන්දුල මානගේ, සටහන : ඔවදිනී තෙන්නකෝන් සහ ආදිත්‍ය මිල්ලන්ගොඩ



අපේ සේසත coffee Chat කියන segment එකෙන් UK වල සිටින ජනප්‍රිය ශ්‍රී ලාoකිකයන් සමග ඔබ මෙතෙක් නොඇසූ රසවත් තොරතුරු ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. අද අපේ පලවෙනි segment එක

ඔහු නමින්, මංජුල ප්‍රසාද් ප්‍රනාන්දු , ශ්‍රී ලංකාවේ වෙන්නප්පුව ප්‍රදේශයේ උපත ලබන ඔහු, වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. පාසලේ උසස් පෙළ හදාරන අවධියේ දී සිය වැඩිමල් සහෝදරයාගෙන් ලැබුණු කැමරාවෙන් සිය කැමරාශිල්පී ජීවිතයට අත් පොත් තැබූ අයෙකි. ආරම්භයේ දී videography කටයුතු වල නිරත වූ මොහු, තමා සතුව තිබූ විදේශ සබඳතා තුළින් වසර 3ක් 4ක් පමණ ඇතුළත සිය වෘත්තීය ජීවිතය විදෙස් රටවල් කරා ව්‍යාප්ත කරගත්තේය.

මෙතෙක් videography කටයුතු වල පමණක් නිරතව සිටි ඔහු ආරම්භයෙන් වසර 5ක් පමණ වන විට Photography ක්ෂේත්‍රය වෙත පිවිසියේ ය. ප්‍රවීණ ශිල්පීන්ගෙන් උපදෙස් ගනිමින්, videography & Photography පාඨමාලාවන් හදාරා සිය වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කරගනිමින් ක්ෂේත්‍රය තුළ ස්ථාවරත්වයක් ඇති කරගත්තේය. මෙලෙස සිය වෘත්තීය ජීවිතය ජයගත් මොහු අද වන විට යුරෝපය, ආසියාව ඇතුළු කොටගෙන රටවල් ගණනාවක, වසර 10ක් පුරාවට, videography & Photography කටයුතු සිදු කරන, කීර්තිමත් නාමයක් සහිත කැමරාශිල්පීයෙකි. අපි වැඩි විස්තර කතා බහ කරන්න අපි Prasad ව හමු උනා. දැනට පවතින තත්වය නිසා අපි zoom තාක්ෂනය මගින් අපි අපේ කතාබහ පටන් ගත්තා.

Q: ඔබ මුලින්ම මිලදී ගත්තෙ කුමන වර්ගයේ කැමරාවක් ද?

A: මං මුලින්ම ගත්ත කැමරාව තමයි Nikon FM2

Q: ඔබ ලඟ දැන් තියන කැමරා මොනවද?

A: Cannon EOSR Mirrorless, Sony A73, 5D mark කැමරා

Q: ඒ වගේම ඔබ වැඩින්ම භාවිතා කරන Lenses වර්ග මොනවාද?

A: Canon 24-70 f2.8 ii, Sigma 85mm 1.4 art, Sony 12-24mm Wide Lens

Q: එතකොට Drone කැමරා 1ක් use කරන්නෙ කොයි කාලෙද? එය ක්ෂේත්‍රයේ ලොකු පෙරලියක් කලා කිවොත් මොකද හිතන්නෙ?

A: ඔව්, අවුරුදු 2 1/2 ට කලින් තමයි මං Drone 1ක් ගන්නෙ. අපේ ක්ෂේත්‍රයේ ලොකු දියුනුවක් ඇති කලා. අපිට ලං වෙන්න බැරි ගොඩක් Shots ඒකෙන් අපිට ගන්න පුලුවන් උනා, ඒ වගේම අපිට සිතා ගත් නොහැකි කෝන වලින් පින්තූර ලබාගැනීමට හැකිවුනා.

Q: ඔබ UK වල Wedding Shoot කීයක් විතර කරලා තියනවද?

A: ඔව් ඇත්තටම මම මෙහෙ ඇවිත් වසර 10 පමණ වෙනවා. Weddings 150-200 අතර ප්‍රමාණයක් කරලා තියනවා

Q: ඒ කියන්නෙ, ලංකාවේදී ඔබ ගත්තු අත්දැකීම් ගොඩක් උදවු වුනාද

A: ඔව්, එහෙදි මම Wedding shoot 500 ක් පමණ කරල තමයි UK එන්නෙ. විශේෂයෙන්ම කියන්න ඕනි දෙයක් තමයි මාත් එක්ක මේ ක්ෂේත්‍රයේ හිටපු බොහෝ යහලුවන් මෙම ක්ෂේත්‍රයෙන් ඈත් වුනා. මොකද එයාලට නව තාක්ෂණයත් සමග ඉදිරියට යාමට නොහැකි වුනා

Q: ඔබ මේ වෙනකොට වෙනස් විදියේ Wedding shoot වලට ගිහින් තියනවනේ. ඔබ ඒවාගෙන් වඩාත් ප්‍රිය කරන Wedding venue එක මොකක්ද?

A: The Grim's Dyke Hotel, ඇත්තටම කිව්වොත් හරි ලස්සන පරිසරයක් තියන හෝටලයක්. මොකද ඒක කෑලෑබද ප්‍රදේශයක, පරිසරහිතකාමි විදියට තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. අනික් දේ තමයි ඒ ස්ථානයේ අපිට Drone පාවිච්චි කරන්න අවස්ථාව ලැබුනා. බෝහෝ ස්ථානවල Drone පාවිච්චී කරන ලැබුනේ නැහැ විවිධ හේතු නිසා.

Q: ඇත්තටම වර්තමානය වන විට Preshoot කියන එක ප්‍රසිද්ධ කාරනාවක්නේ. අපි දැකල තියනවා ඔයා ලස්සන Preshoot කරලා තියනවා. Shoot කරන්න එහෙම කැමති ලස්සන Locations තියනවද?

A: Lake District වලට ඇත්තටම ගොඩක් කැමති. එතන මං shoot දෙකක් කලා. යුරෝපයේ තැනක් කීවොත් Santorini, Greece.

Q: එතකොට අපි දැකලා තියනවා ගොඩක් වෙලාවට Travel photography කරලා තියනවා

A: ඔව්, මං ගොඩක් ආසවෙන් ඒ දේ කරනවා මොකද කිවොත් වෙනස්ම පරිසරවල අත්දැකීම් ලබන්නට අවස්ථාව ලැබෙන දෙයක්.

Q: යුරෝපයේ රටවල් කීයක පමණ ඔබ සංචාරය කර තිබෙනවද?

A: රටවල් 13 කට මං ගිහිල්ල තියනවා

Q: කොරෝන එන්න කලින් යන්න ලෑස්ති වෙලා හිටපු එහෙම නැත්නම් ලිස්ට් එකේ තිබුනු රටවල් එහෙම තියනවද?

A: Oh, My god! ගොඩක් තිබුනා. සාමන්‍යයෙන් මාස 6-7 කට කලින් අපි යන්න Tickets book කරනවනේ. ඉතාලියෙ Wedding 4ක්, UK Wedding 12ක්, පැරිස්වල 1ක්, එහෙ අපි සූදානම් වෙලා හිටියේ Summer, Winter සෘතු මූලික කරගෙන පටිගත කිරීම් කරන්න. තව ඇමෙරිකාවේ නයගරා දියඇල්ල ආශ්‍රිතව Drone යොදාගෙන කරන්න හිටපු ලස්සන Preshoot එකක් තිබුනා. ජපානය් shoot එකක් ලෑස්ති වෙමින් තිබුනා, ඇත්තටම කීවොත් මං ආසයි රටවල shoot වලට යන්න. එය විවිධ ස්ථානවල, විවිධ සංස්කෘති එක්ක වැඩ කරගෙන යද්දී විශාල ආත්ම තෘප්තියක් ලබන්න පුලුවන්.

Q: Wedding shoot එකක් කියන්නෙ සෑහෙන වගකීමක් තියන කර්තව්‍යයක්, ඒ අතරවාරෙකදී මුහුන පෑමට සිදූ වූ අමතක නොවන සිදු වීම් එහෙම මොනවද?

A: Region park එකට ශූට් එකට ගියපු වෙලාවක හරි අපූරු දෙයක් වුණා. එතන තිබුණු පුංචි පොකුන ලග ජෝඩුව තියලා මං photo එක ගන්න එතන තිබුණු ගලකට නැග්ගා. ගල එක පාරටම පොකුනට තල්ලු වෙලා මාවත් එක්කම වැටුනා පොකුනට. මාවත් හොදටම තෙමුනා. හොඳ වෙලාවට කැමරා එක බේරගන්න පුලුවන් වුනා මට. ඒක නම් ඇත්තටම මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ

Q: මේ ආපු ගමන් මගේ ඔබට ශක්තිය වුණු චරිත මතක් කලොත්?

A: මගේ දෙමව්පියෝ, මගේ සහෝදරයෝ (අයියලා දෙන්නා) ගොඩක් උදවු කලා, නම් සදහන් කරන්න බැරි තරම් යහලුවෝ, මොකද මේක තනියම කරන්න පුලුවන් ගමනක් නෙවේ. ඒ වගේම කියන්න ඕනී ක්ෂේත්‍රයේදී Event Organizers, Wedding Planers, රූපලවන්‍ය ශිල්පීන් මට ගොඩක් උදව් කලා, මොකද වර්තමානය වන විට තමයි සමාජ මාධ්‍ය හරහා දැනුවත් වෙමින් යන්නේ. ඒක නිසා ඒ අයගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.

Q: වෙනස්ම ප්‍රශ්නයකට ගියොත් අපි, ඔබට පවුම් 100,000ක් වගේ ලොතරැයියක් ඇදුනොත් ඔබ මොකද කරන්නෙ?

A: භාගයක් වියදම් කරලා ගෙයක් ගන්නවා, තව හැමෝගෙම හිනයක්නේ වාහනයක් කියන්නෙ. 4x4 වගේ Luxury වාහනයක් ගන්නවා, ඉතිරි මුදලින් මම ලංකාවෙ Charity වැඩක් කරනවා. මහරගම පිළිකා රෝහලට Building එකක් හදලා දෙන්න හෝ අඩුම ගානෙ ඇඳන් ටිකක් හරි දාලා දෙනවා. මොකද මගෙ අම්මටත් Cancer එකක් තියනවා. ලංකාවෙ ඉද්දි එයා එක්කන් ගිහින් එයාට නවතින්න උනාම එයා හිටියෙ බිම. හැබැයි දැනට අවුරුදු 15කට විතර ඉස්සරලා. නැත්නම් දුෂ්කර පළාත් වල තවමත් පාසල් තියෙනවා Building ඇතුලෙ තෙමෙනවා, ළමයින්ට සපත්තු නැහැ, ඩෙස් බංකු නැහැ, Uniform නැහැ ඒ වගේ අයට උදව් කරනවා වගේ Charity වැඩක් හරි කරනවා.

Q: සෑහෙන්න හොඳ වැඩක්. එහෙනම්, අපෙ අන්තිම ප්‍රශ්නෙට යමු, දැනට මෙහෙ (UK) ඉන්න ප්‍රධානම Experience Photographer කෙනෙක් විදිහට, අලුතින් මේ Field එකට එන්න ඉන්න කෙනෙක්ට ඔයා දෙන Advice එක මොකක් ද?

A: ඔව් ඇත්තටම, අලුතින් එන කෙනෙකුට දෙන්න පුලුවන් Advice එක තමා, Don’t give up. මම උනත් මෙහෙට ආපු කාලෙ කොච්චර Experience Photographer කෙනෙක් උනත් මාව කවුරුත් දන් නැහැ. අපි මිනිස්සු අඳුරගන්න ඕනි. මේක මිනිස්සුත් එක්ක වැඩ කරන ක්ෂේත්‍රයක්. අපි මිනිස්සුත් එක්ක ඉන්න තාක් කල්, එයාලා අපි ගැන Positive කතා කරන තාක් කල් අපිට ක්ෂේත්‍රයේ ඉන්න පුලුවන්. හේතුව තමා මේක ගොඩක් Responsible, Sensitive Job එකක්. එක එක විදිහට හිතන මිනිස්සුනෙ ඉන්නෙ. තව, ගොඩාක් අලුතින් එන අය මගෙන් අහනවා මොකක්ද ගන්න ඕනි Camera එක කියලා. ගොඩක් කියන්නෙ Professionally කරන්න නෙවෙයි තමන්ගෙ Birthday Party එකක් වගේ දේකදි පාවිච්චි කරන්න කියලා. මම ඒ හැමෝටම දෙන Advice එක තමා කොහොම හරි හොඳ Camera එකක් ගෙවීමේ ක්‍රමයට හරි ගන්න. මොකද අලුත් තාක්ෂණයත් එක්ක යනකොට ලේසි අපිට. දැන් ඉස්සර වගේ නෙවෙයි අලුතින් එන අයට ඉගෙනගන්න ඕනි තරම් පහසුකම්, Tutorials තියෙනවා YouTube එකේ. ඒ වගේම Professional Photographers ලගෙ Photos බලන්න. මේක හරි Interesting Field එකක්. විනෝදාංශය වගේම සල්ලි හොයන්නත් පුලුවන්. හොඳට මේක ඉගෙන ගන්න. Lightning ගැන එහෙම විශේෂයෙන්ම. මොකද අලෝකකරණය තමා ඕනම තැනක විශේෂයෙන් UK වගේ රටක වැදගත්ම දේ. “ඡායාරූපකරණය යනු, ආලෝකයෙන් සිත්තමක් ඇඳීමකි.” Indoor ට වඩා Outdoor ගැන සැලකිලිමත් වෙන්න. ස්වභාවික ආලෝකයත් එක්ක Deal කරන හැටි ආදිය.

Q: හරි බොහොම ස්තූතියි! ඉදිරියේදී තිබෙන වැඩකටයුතු වලට කොහොමද කෙනෙකුට කොහොමද ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් ?

A: මගේ Mobile & WhatsApp Number 07480 250828 ඒ වගේම UK වලට එලියෙන් කතා කරනව නම් 0044 7480 250828. මගේ වෙබ් එකෙන් වැඩි විතර ගන්න පුළුවන්. http://prasadfernando.com







person





person