free counter statistics

මිලියන 20ක ආදරය දිනූ ෂුක්රා - සිරස ලක්ෂපති වැඩසටහනෙන් මිලියන දෙකක මුදලක් ජයග්‍රහණය කල ෂුක්රා මුනව්වර්

person

ශ්‍රී ලංකාවේ විවිද ටීවී නාලිකා මගින් දැනුම උරගා බැලීමට මෙන්ම සිය දැනුම වර්ධනය කර ගන්නටත් අවස්ථා රැසක් උදාකර දී තිබෙනවා. ශ්‍රී ලාංකීය ජනතාව අතර ඉතා ජනප්‍රියම ටීවි නාලිකාවක් ලෙස සිරස ටීවී නාලිකාව හදුන්වන්න පුළුවන්. එහි ශ්‍රී ලාංකිකයන් වැඩිම පිරිසක් ඉතා උනන්දුවෙන් නරඹන වැඩ සටහනක් ලෙස සිරස ලක්ෂපති (ලක්ෂපතියා ඔබද මමද) වැඩසටහන හදුන්වන්න පුළුවන්. වැඩිම ජයග්‍රාහකයින් පිරිසක් ලොවට දායාද කරමින් තරග කරුවන්ට ජයග්‍රහණය කිරීමට මිලියන දෙකක මුදලක් ලබා දෙන.. තරග කරුවන්ගේ දැනුම මෙන්ම සාමාන්‍ය දැනුමද උරගා බලන වැඩ සටහනකි මේ සිරස ටීවී ලක්ෂපති වැඩ සටහන.

ෂුක්රා මුනව්වර්... දෙදහස් විසි එක වසරේ ජනවාරි මස සිරස ටීවි නාලිකාවේ පැවැත්වෙන සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගී වී රුපියල් මිලියන දෙකක් ජයග්‍රහනය කර ගැනීමට සමත් වුනු අවුරුදු දාහතක තවමත් පාසල් අධ්‍යාපනය හදාරන ඉතා බුද්ධිමත් මුස්ලීම් ජාතික දිරිය දියණියකි. දැනට ලොවේ භයානක ලෙස පැතිරී යන ඉතා දරුණු වසංගත රෝගී තත්වය නිසා අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු බොහෝ විට සිදු කරන්නට සිදු වී තියෙන්නේ අන්තර්ජාලය හරහා. නමුත් අධ්‍යාපන කටයුතු සිදු කරන්න වත් අවශ්‍ය laptop, desktop, smart phone, etc..වගේ විවිද device ලබා ගැනීමට හැකියාවක් තියෙන්නේ එක් පිරිසකට පමනයි. තවත් පිරිසකට එදා වේල සොයා ගැනීමට බොහෝ සේ අරගලයක් කරන්න සිදු වී තිබෙනවා. මේ ෂුක්රා මුනව්වර් දැරිය මේ ලෙස දැඩි ජීවන අරගලයකට මුහුණ දෙමින් සිටින දැරියක්.

ෂුක්රා මුනව්වර් ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ කටුගොඩ ප්‍රදේශයේ පදිංචි අතර ගාල්ල සුදර්මා විදුහලේ දෙදහස් විසි දෙක වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට සූදානම් වන දිරිය දියනියක්. ෂුක්රා මුනව්වර්ගේ පියා ඇයට වයස අවුරුදු දහතුනේ දීම රෝගාතුර වී එක්තැන් වී ඇත. ඇගේ මව තමයි මේ රෝගාතුර වූ පියාටත්, ෂුක්රා මුනව්වර්ගේ අධ්‍යාපන වියදම් වලටත් මුදල් සොයන්නෙ. රටේ පවතින තත්වය එක්ක අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යන්න online යන්න පුළුවන් device එකක් ෂුක්රා මුනව්වර්ට ගන්න අවශ්‍යය වූවත් ආර්ථික ප්‍රශ්න රැසක් තිබෙන නිසා ඒ අවශ්‍යතාවය සපුරන්න ෂුක්රා මුනව්වර්ගේ මවට හැකියාවක් තිබුනේ නෑ. මෙලෙස ෂුක්රා මුනව්වර් සිරස ටීවි නාලිකාවෙන් පවත්වන මේ සිරස ලක්ෂපතියා ඔබද මම ද වැඩ සටහනට සහභාගි වී තරග කරන්නට යන්නේ ඇයට උසස් අධ්‍යාපන කටයුතු වලට laptop එකක් ලබා ගැනීම සදහායි. ඒ ෂුක්රා මුනව්වර් බුද්ධිමත් වගේම අධ්‍යාපනයට වැඩි උනන්දුවක් දැක්වූ නිසා. ෂුක්රා මුනව්වර් ඇගේ පියාගේ මගපෙන්වීම මත මවගේ උදව්වෙන් තමයි මේ ලෙස සිරස ලක්ෂපති තරගයට සහභාගි වෙන්නේ.

person

ෂුක්රා මුනව්වර් පවසන ආකාරයට ඇයට ඇගේ දෙමාපියන්ගෙන් ලොකු freedom එකක් ලැබී තිබෙනවා. මේ ලෙස දෙමාපියන්ගෙන් ලැබෙන freedom එකෙන් වැරදි වැඩ නොකර ඒ freedom එකෙන් හොද දෙයක් කළොත් සැමට ජයග්‍රහනයට ඉක්මනින් ලගා විය හැකියි. දෙමාපියන් තම දරුවන්ට ලොකු freedom එකක් ලබා දෙන්නේ දරුවන් යහමගට යයි කියා බලාපොරොත්තුවෙන්. ඉතිං ෂුක්රා මුනව්වර්ගේ දෙමාපියන් ඇයට ලබාදුන්න freedom එක හරි ලෙස යොදාගත් නිසා ඇය අද මෙතරම් කුඩා වයසකදී මිලියන පතිනියක් වී තිබෙන්නේ ඇගේ දැඩි උත්සහයෙන්..

සිරස ලක්ෂපති තරග වැඩසටහනට ඉදිරිපත් වන විටදී ෂුක්රා මුනව්වර්ට බොහෝ සේ බාධා පැමිණ තිබෙනවා. නමුත් ඒ සියළු බාධාවන් ඇය කිසි විටකත් බාධාවන් ලෙස සිතුවේ නෑ. ඇය ඒ බාධාවන් සියල්ල ඇගේ ජයග්‍රහණයට තවත් ලොකු ශක්තියක් කර ගත්තා. කෙතරම් බාධා පැමිනියත් ඇය ඇගේ තරග කිරීම නතර කලේ නැහැ.ඇය සිරස ලක්ෂපති වැඩසටහනේ ඇසූ ප්‍රශ්න වලට ඉතා දක්ෂ ලෙස පිළිතුරු ලබා දුන් ආකාරය ශ්‍රී ලාංකීය ජනතාව අතර දැන් බොහෝ සේ කතා බහට ලක් වී තිබෙනවා. ඇය බාධක සියල්ල මැඩගෙන ඉදිරියට ආ දිරිය දියණියක්. දෙමාපියන්ට සැලකීම, සමාජයේ එන බාධක වලට නොබියව මුහුණ දීම වැනි ඇය එම සිරස ලක්ෂපති තරගය අතරතුර පැවසූ සියළු දේ සැමටම දිරිගැන්වීමක් වගේම ආදර්ශයක්. ඒ නිසාම තමයි ෂුක්රා මුනව්වර් ජාති බේදයකින් තොරව ශ්‍රී ලාංකීය ජනතාවගේ පැසසුම් වලට ලක්වුනේ. සියළු බාධක ශක්තියක් කරගත් ඇය අද මුළු ලොවම දන්නා සිරස ලක්ෂපති වැඩසටහනින් බිහි වූ මිලියන පතිනියයි.

person
person
person
person
shareShare this article