free counter statistics

Food & Health

ශ්‍රී ලාංකීය ඉවුම් පිහුම් කලාවේ මහ ගෙදෙර - අපේ අම්මා YouTube නාලිකාව

person

ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය යූ ටියුබ් නාලිකා රැසක් විවිද විශයන් ඔස්සේ තිබෙනවා ඔබ දැක ඇති. ඒ අතරින් විශේෂ ස්ථානයක් හිමිකර ගත් යූ ටියුබ් නාලිකාවක් තමයි මේ අපේ අම්මා යූ ටියුබ් නාලිකාව. මේ යූ ටියුබ් නාලිකාවේ අපේ අම්මා නමින් හදුන්වන එම නාලිකාවේ නිර්මාතෘ 1959 උපත ලද රජයේ පාසලක සේවය කල විශ්‍රාමික ගුරුවරියකි. ශ්‍රී ලංකාවේ සූප ශාස්ත්‍ර පිළිබද විශේෂ දැනුමක් ඇයට තිබෙනවා. නමුත් ඇය මේ ලෙස ඉතා ප්‍රසිද්ධ වූයේ Apé Amma - අපේ අම්මා යූ ටියුබ් නාලිකාව මගිනුයි. විවිධ ආගම් , ජාතීන්ගේ සහ විශේෂයෙන් අප බෙහෙවින් ප්‍රිය කරන ඉන්දීය ආහාර වට්ටෝරු රැසක් ඇගේ අපේ අම්මා යූ ටියුබ් නාලිකාවේ දක්නට තිබේ.

අපේ අම්මා උපන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ය. ඇය කුඩා කල සිටම විවිද ආහාර පිසීමට දැඩි උනන්දුවක් දැක්වූ අයෙකි.ඇය ජීවත් වූයේ කොළඹ වරායට ආසන්නවයි. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිට පැමිනි විවිද ජන කොටස් ද දෙමළ, මලයාලම්, තෙලිගු වැනි විවිද ජාතීන්ද මෙලෙස කොළඹ වරායට ආසන්නව ජීවත් වූහ. මේ ලෙස එහි වෙසුණු විවිද ජන කොටස් ඔවුනට ආවේනික විවිද ආහාර වර්ග පිසූහ. ඇයත් කුඩා කල සිටම මේ විවිද ජන කොටස් සමගම ජීවත් වූ නිසා ඇයට කුඩා කල සිටම විවිද ජන කොටස් වල බොහෝ ආහාර වට්ටෝරු පිසීමට, ඉගෙන ගැනීමට සහ පුරුදු වීමට ඉඩ ප්‍රස්ථාව සැලසී ඇත. මේ ලෙස ඇය කුඩා කල සිටම ලබා ගත් අත්දැකීම් නිසා ඇයට වයස අවුරුදු එකොළහේදී ම විවිද ආහාර වර්ග පිසීමට හැකි වී ඇත.

අපේ අම්මා ශ්‍රී ලංකාවේ රජයේ පාසලක ගුරුවරියකි. ඇය එලෙස රජයේ පාසල් රැසක සේවය කර ඇත. ඇය එම පාසල් වල විවිද විෂයන් උගන්වා ඇත. ඇය කාලයක්ම ශ්‍රී ලංකාවේ බාල දක්ෂ ගුරුවරියක් ලෙසද සේවය කර ඇත. මෙලෙස රජයේ සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඇය රජයේ සේවකයින්ට ඉගැන්වීම් කටයුතු වලද බොහෝ කාලයක් නිරත වී ඇත. පසුව ඇය ඇගේ මේ සියළු රාජකාරී වලින් සම්පූර්ණයෙන්ම විශ්‍රාම ගත් ඇය දෙදහස් දහසයේ දෙසැම්බර් මස විසි එක් වෙනිද‌ා මෙලෙස ආහාර වට්ටෝරු සහ විවිද ආහාර වර්ග සකස් කර ගන්නා ආකාරය ලොව සැමට කියා දෙන්නට සිතා අපේ අම්මා යූ ටියුබ් නාලිකාව ආරම්භ කර තිබේ. අපේ අම්මා යූ ටියුබ් නාලිකාවේ ආහාර සැකසීම පිළිබද සිංහල භාෂාවෙන් පැහැදිලි කරන නමුත් නරඹන්නන්ගේ පහසුව වෙනුවෙන් එම නාලිකාවේ තිබෙන බොහෝ වීඩියෝ වලට ඉංග්‍රීසි භාෂාවෙන් උපසිරස යොදා ඇත.ඒ නිසාම වාගේ මුස්ලීම් , දෙමල වගේ මිනිසුන් බොහෝ පිරිසක් මේ අපේ අම්මා යූ ට්යුබ් නාලිකාව දිනපතා නැරඹීමට මෙන්ම එහි කියා දෙන ආහාර වට්ටෝරු අත්හදා බැලීමටද පුරුදු වී සිටී.

අපේ අම්මා යූ ටියුබ් නාලිකාවේ ලබා දෙන ආහාර වට්ටෝරු වල අන් කිසිම නාලිකාවක නොමැති විශේෂත්වයක් තිබෙනවා. ඒ ඇය පෙන්වා දෙන ආහාර වට්ටෝරු වල ඇය ආහාර පිසින විට එම ආහාර වලට කිසිම කෘතිම රසකාරකයක් බාවිතා කරන්නේ නැහැ. ඇය මෙලෙස කිසිම රසකාරකයක් නොමැතිව සියලු ආහාර වට්ටෝරු සකසන ආකාරය මේ අපේ අම්මා යූ ටියුබ් නාලිකාව මගින් පෙන්වා දෙන අතර එයින් පමනක් නොනැවතී ඇය ඇගේ මේ අපේ අම්මා යූ ටියුබ් නාලිකාව මගින් ආහාර කල් තබා ගන්නා විවිද උපක්‍රම සහ ආහාර ගබඩා කර තැබීමේදී සැලකිය යුතු කරුණු පිලිබද කරුනු රැසක් කියා දෙනු ලබයි. ඇය එම ඇගේ අපේ අම්මා යූ ටියුබ් නාලිකාව ආරම්භ කර වසර තුනහමාරක් පමන ගත වන විට අපේ අම්මා යූ ටියුබ් නාලිකාව මිලියන දෙසීය හතලිස් අටක් ඉක්මවා නරඹා ඇත. දෙදහස් විස්සේ ජූනි මාසය පමන වන විට වීඩියෝ පට දහසකට වඩා අදික ප්‍රමානයක් මෙම නාලිකාවේ අන්තර් ගතකර ඇත. අපේ අම්මා යූ ටියුබ් නාලිකාවේ දැනට subscribers ප්‍රමාණය 1,700,000 ඉක්මවා ඇත.ඇය නිතරම පවසන ආකාරයට මෙම අපේ අම්මා යූ ටියුබ් නාලිකාව නිර්මාණය කිරීම සහ පවත්වාගෙන යාමේ ප්‍රධාන පරමාර්ථය වන්නේ මිනිසුන් වස විස මුසු කර, කෘතිම රසකාරක යොදාගෙන ආහාර සකසා ගැනීමෙන් වැලකී සෑම දෙනාම වස විසෙන් තොර නීරෝගිමත් මෙන්ම රසවත් ආහාර වේලක් සකසා ගැනීමට හුරු කිරීමයි.

වීඩියෝ දහසකට වඩා අදික ප්‍රමාණයක් ඇතුලත්කර තිබෙන අපේ අම්මා යූ ටියුබ් නාලිකාව මගින් විවිද ජන වර්ග වල සහ විවිද ආගම් වල සකස් කරන ආහාර වට්ටෝරු රැසක් ඇත. ගුනදායක විවිද පාන වර්ග රැසක්ද තවත් විවිද ආහාර වට්ටෝරු රැසක්ද දක්නට ලැබේ.මෙම අපේ අම්මා යූ ටියුබ් නාලිකාව මෙතරම් ජනප්‍රිය බාල මහලු සියළු දෙනාම නරඹන්නට ප්‍රිය කරන නාලිකාවක් බව අප කවුරුත් දන්නා රහසකි. මෙලෙස ආහාර වට්ටෝරු රැගෙන එන යූ ටියුබ් නාලිකා රැසක් තිබෙන නමුත් ඒ යූ ටියුබ් නාලිකා සියල්ල අතරින් අපේ අම්මා යූ ටියුබ් නාලිකාව ඉහල ස්ථානයක් හිමි කරගෙන ඇත්තේ ඇයට මෙම සූපවේදී ශේස්ත්‍රය පිලිබද මනා දැනුමක් සහ අත්දැකීම් රැසක් තිබෙන නිසාය.ඇයට අපේ අම්මා යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සම්මාන රැසක්ද දැනට හිමිවී තිබේ. එම සම්මාන ලැබීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ ඇය අපේ අම්මා යූ ටියුබ් නාලිකාව මගින් ලබා දෙන රසකාරක අඩංගු නැති හැමෝටම ඉතා ගුණදායක විවිද ආහාර වට්ටෝරු නිසාය. අපේ අම්මා යූ ටියුබ් නාලිකාව නැරඹීමට ශ්‍රී ලංකාවේ මිනිසුන් මෙන්ම විදේශ රටවල් වල වෙසෙන ශ්‍රී ලාංකිකයන් ද බොහෝ සේ ප්‍රිය කරන්නට මෙයද එක් හේතුවකි.විදේශ රටවල් වල වෙසෙන විදේශිකයන්ට මේ අපේ අම්මා යූ ටියුබ් නාලිකාව නැරඹිය හැකි ලෙස ඇය ඉංග්‍රීසි බසින් බොහෝ ආහාර වට්ටෝරු වීඩියෝ වලට ඇතුලත් කර ඇත.දෙදහස් දාසයේ ආරම්භ කල අපේ අම්මා යූ ටියුබ් නාලිකාව ඉතා කෙටි කාලයකින් ශ්‍රී ලංකාවේ තිබෙන ජනප්‍රියම වයස් බේදයකින්, ජාති බේදයකින් තොරව නරඹන යූ ටියුබ් නාලිකාව මෙන්ම ජාත්‍යන්තරයේ මිනිසුන්‌ෙග් පවා හදවතේ රැදුනු යූ ටියුබ් නාලිකාවක් බවට පත් වී ඇත.

'අපේ අම්මගේ' ඉතා ජනප්‍රිය උන video කීපයක් පහතින් දැක්‌ වෙයි. ඔබත් අදම 'අපේ අම්මා' channel එකට subscribe කරන්න අමතක කරන්න එපා .

shareShare this article