free counter statistics


BOC UK

.

.

අප අතරින් සමුගත් අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා

මහරගම අපේක්‍ෂා රෝහලේ වසර 25 ක පමණ කාලයක් සේවය කළ එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා 11දා උදෑසන අභාවප‍්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 58 වැනි වියෙහි පසුවිය. ඒ මහතා දරුවන් සිව්දෙනකුගේ පියකුවිය.

හෘදයාබාධයක් හේතුවෙන් දින ගණනාවක් තිස්සේ රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ ඒ මහතා අපේක්‍ෂා රෝහලේ වෛද්‍යවරයකු ලෙසත්, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලෙසත් මියයන අවස්ථාව වන විට එහි අධ්‍යක්‍ෂවරයා ලෙසත් වසර 25 ක පමණ සේවා කාලයක් එම රෝහලේ සේවය කර ඇත. පිළිකා රෝගීන් කලින් හඳුනා ගැනීම සඳහා වන “පෙට්ස්” ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ ද, වසන්ත දිසානායක මහතායි. ඒ මහතා කෙටි කාලයක් කෑගල්ල ශික්‍ෂණ රෝහලේ ද රෝහල් අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කර තිබේ.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ වසන්ත දිසානායක මහතා රූපවාහිනී වැඩසටහන් ආදියට සහභාගි වෙමින් බොහෝ දෙනා අතර ජනප‍්‍රියව සිටියේය. සිරස නාලිකාව මගින් පැවැත්වූ වැඩසටහනකදී තමන් හිමිකර ගත් ත්‍යාග මුදල ද ඒ මහතා මහරගම අපේක්‍ෂා රෝහල වෙනුවෙන් පරිත්‍යාග කළේය.

person

වෛද්‍ය වසන්ත දිසානායක මහතාගේ අවසාන කටයුතු අද දින (12) සිදු විය (Below)

person

person

වෛද්‍ය වසන්ත දිසානායක මහතා සහබාගි වූ රුපවාහිනී වැඩසටහනක්

person


Social Media