free counter statistics

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය සමනයට BOC UK E-Cash Remittance සමගින් ඔබට දායක විය හැකි ආකාරය...

මෙහෙයවීම : බන්දුල මානගේ, සටහන : චාලිත්‍ය මිල්ලන්ගොඩ සහ ආදිත්‍ය මිල්ලන්ගොඩ

විදේශ මුදල් නොමැතිකම නිසා ශ්‍රී ලංකාව තුළ දැනට ඇති කනගාටුදායක තත්වය අපි කවුරුත් දනිමු. අපගේ දෙමාපියන්, පවුලේ සාමාජිකයන් සහ හිත මිතුරන් , ඖෂධ, ගෑස් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැතිකම සමඟ පොරබදමින් සිටිති. අපි මව් බිමෙන් එපිට හිටියත් ලංකාවේ විදේශ විනිමය අර්බුදය සමනයට අපට දායක විය හැක. ඒ සදහා සුදුසුම ක්‍රමය නම් BOC UK E-Cash Remittance ශ්‍රී ලංකාවට මුදල් යැවීමේ ක්‍රමයයි. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගැනීමට සේසත UK අප මුණ ගැසුනා , Bank of Ceylon (UK Limited) හි ප්‍රධාන විධායක නිලධාරි සහ විධායක අධ්යක්ෂ අරුණ කුමාර මහතා.

ප්‍රශ්නය : මේ කාර්යබහුල වෙලාවෙ අපිට මේ අවස්ථාව ලබා දීම ගැන අපි මුලින්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. BOC UK බැංකුවේ අතීතය ගැන කෙටියෙන් පැහැදිලි කලොත් ?

BOC (UK Limited) කියන්නෙ ලංකා බැංකුවේ ශාඛාවක් නෙවි, වෙනම ම බැංකුවක්. නමුත් 100%ක් අයිතිය තියෙන්නෙ ලංකා බැංකුවට (Bank of Ceylon). BOC කියන්නෙ ලංකාවේ ප්‍රධානම බැංකුව සහ නොම්බර එකේ බැංකුව. ලාභය (Profitability), වත්කම් ප්‍රමාණය (Asset Base) ගත්තත් ලංකා බැංකුව ඉදිරියෙන්ම ඉන්නවා. ලංකා බැංකුවේ විදේශීය ශාඛා කිහිපයක්ම තියෙනවා. චෙන්නායි, මාලදිවයින, ශීසෙල්ස්. විශේෂයෙන්ම මාලදිවයිනේ ශාඛා 2ක් තියෙනවා. ඊට අමතරව ලන්ඩනයේ 1949 සිට ශාඛාවක් විදිහට සහ ඉන් පසු 2010 සිට , එංගලන්තේ නීති රීති සහ නියාමනයන් වලට අනුකූලව ශාඛාවකින් එහාට ගිය වෙනමම බැංකුවක් ලෙස ස්ථාපිත කරනවා. එතැන් සිට අද වෙනතුරු අවුරුදු 12ක් ලන්ඩනයේ බැංකුවක් ලෙස කටයුතු කරනවා.

වසර 72ක කාලයක් තුල එංගලන්තයේ පවතින ලංකාවේ එකම මූල්‍ය ආයතනය ලෙසත් කටයුතු කරන්නේ ලංකා බැංකුවයි. එංගලන්තයේ ජීවත්වෙන අපේ ශ්‍රී ලාංකික ජනතාවට ලංකාව සමග සිදුකරන මූල්‍ය ගනුදෙනු සහ අන්තර්ජාතික බැංකු පහසුකම් සැපයීමට අපි නිරතුරුවම කටයුතු කරන අතර ඔවුන් සමග අපේ දශක හතකට වැඩි කාලයක් පැවතීම අපිට ඉතාම වටිනවා

ප්‍රශ්නය : අප අද වැඩිපුරම අවධානය යොමුකරන්නේ E-Cash Remittance පිලිබදව. ඒ පිලිබදව අපට පැහැදිලි කරනවද?

පිළිතුර : E-Cash Remittance යනු ඇත්ත වශයෙන්ම එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තම දෙමාපියන්ට, දුවා දරුවන්ට , ඥාතීන්ට සහ හිතවතුන්ට මුදල් ලංකාවට යැවීම සදහා සලසා ඇති පහසුකම යි. අද වනවිට ලංකාව මුහුණ පාන විදේශ මුදල් හිගය සහ ඒ සමග ඇතිව තිබෙන ආර්ථික ගැටළු වලට විසදුමක් ලෙස විදේශ මුදල් එංගලන්තයේ බැංකු පද්ධතිය හරහා නීත්‍යානුකූලව ලංකාවට යැවීම වැදගත්. ඒ නිසා එංගලන්තයේ BOC(UK)බැoකුව හරහා විදේශ මුදල් ලංකාවට යැවීමට අවශ්‍ය කරන සියලුම පහසුකම් අප විසින් E-Cash Remittance සේවාව හරහා ලබා දෙනවා. මේ සේවාව හරහා මුදල් යැවීමේදී ආරක්ෂිතව , වේගවත්ව හා වගකීමක් සහිතව ඕනෑම ප්‍රමාණයක මුදල් (ස්ටර්ලින් පවුම්) ලංකාවට යැවීමට හැකියි.

BOC UK

ප්‍රශ්නය : අලුත් Customer කෙනෙක් E-Cash Remittance සමග සම්බන්ධ වීම පිළිබඳව පැහැදලි කලොත් ?

පිළිතුර : මුලින්ම බැංකුවේ පවතින නියාමනයන්ට අනුව ගනුදෙනුකරුවා ලියාපදිංචි (Register) විය යුතුය.එය එක වරක් පමණක් සිදුකල යුතු කටයුත්තක්. ලියාපදින්චි (Register) වීම සදහා අපගේ Web අඩවියට පිවිසිය යුතුය.ඉන් අනතුරුව E-Cash Remittance සේවයට යටතේ ඇති Remittances කොටසට ඇතුලු වූ පසු ඔවුන්ට ලියාපදිංචිය (Register) සදහා අවශ්‍ය උපදෙස් පැහැදිලිව එහි දක්වා ඇත. එම උපදෙස් අනුව පහසුන්වෙන්ම Online Register වීම සදහා අප Web අඩවියට ගොස් ( https://bankofceylon.co.uk/personal-services/e-cash-remittance ) අවශ්‍ය තොරතුරු Download කරලා Fill කරලා නැවත අපවෙත e-mail එකක් (ecash@bankofceylon.co.uk) ලෙස එවීමට හැකිය. මුලින්ම ලියාපදිංචි වීම කරදරයක් ලෙස පෙනුනද පවතින නියාමනයට අනුව අප සමග සම්බන්ධවන ගනුදෙනුකරු හදුනාගැනීම සදහා මෙය අත්‍යාවශ්‍ය දෙයක් .

අද ලෝකයේ තාක්ෂනික දියුණුවත් එක්ක මේ සදහා App එකක් තිබුනානම් හොදයි යැයි ගනුදෙනුකරුවෙකුට හිතෙන්න පුලුවන්. අපි බලාපොරොත්තු වෙනවා ඉතාම නුදුරු කලකින් මෙම ලියාපදිංචිය (Registration Process) එක Mobile App එකක් හරහා ගනුදෙනුකරුවන්ට හදුන්වා දීලා ඒ අයට පහසුවෙන විදිහට නවීන තක්ෂණයට අනුකූලව Mobile Phone එකෙන්ම Register වෙන්න අවස්ථාව ලබා දෙන්න.

ප්‍රශ්නය : ඇත්තටම මම මෙහි දකිනවා Register වීමේදී Add Beneficiary කොටස සම්බන්ධව කිව්වොත්?

පිළිතුර : මුලින්ම ලියාපදිංචි වීමේදී (Registration Form) මම හදුන්වා දෙනවා මම මුදල් යවන්නෙ මගේ මවට, පියාට, දුවා දරුවන්ට කවුද කියන එක. ඇත්තටම මුදල් විශුද්ධිකරණයට විරුද්ධව (Anti-money laundering)කටයුතුකරන නීත්‍යානුකූල වටපිටාව සමග අපට වගකීමක් තියෙනවා මේ සල්ලි එවන පුද්ගලයාගේ වගේම මුදල් ලබාගන්නා පුද්ගලයා සම්බන්දයෙන් බැංකු නියාමානයට අනුකූලව පරීක්ෂාවන් සිදුකිරීමට . එතකොට මුලින් ලියාපදිංචි නොකළ කෙනෙකුට මුදල් යැවීමේදී, ඒ කියන්නේ ඊට අමතරව තව කෙනෙක්ට මුදල් යැවීමේදී අපිට අවශ්‍ය වෙනවා ඒ කෙනා සම්බන්දයෙන් තොරතුරු දැන ගන්න. ඒ වගේ අවස්ථාවක Add Beneficiary form එක පුරවලා එවන්න අවශ්‍ය වෙනවා.

ප්‍රශ්නය : අලුත් Customer කෙනෙක් Documents සියල්ල යවා මුලින්ම Register වෙනවිට කොපමණ කාලයක් යයි ද ?

පිළිතුර : එදාම පුලුවන් අපට අවශ්‍ය කරන Documents නිවැරදිව එවුවොත් Register කරන්න. අනන්‍යතාවය තහවුරුකිරීමට, පදිංචිය තහවුරුකිරීමට අවශ්‍ය ලියකියවිලි දෙනවානම් සහ Beneficiary ගෙ තොරතුරු ටික ලබා දුන්නොත් එදාම Registration එක කරලා එවෙලේම මුදල් යැවීමට හැකියාව තියෙනවා. Register කිරීමේ ගැටලු මතුවෙන්නේ අප බලාපොරොත්තු වෙන ලියකිවිලි අපට හරියාකාරව ලැබෙන්නේ නැති නිසා. ගනුදෙනුකරුගේ වගකීම වන්නෙ නිවැරදි තොරතුරු අපට ලබාදීමයි. E-mail එවීමේදී උදේ එකක්, හවස තව එකක් හා හෙට උදේට තව එකක් එවීම මගින් පොඩි කාලයක් ගත වෙනවා. නමුත් ගනුදෙනුකරුට පුලුවන්නම් මේ සියලු තොරතුරු එකම අවස්ථාවක, එකම වේලාවක ලබාදීමට හැකිනම් Register කරල එදාම හෝ ඊළග දවසේ සල්ලි යැවීමට හැකි. කල්යන්නේ අවශ්‍ය තොරතුරු එකම දවසේ නොලැබීම නිසා.

ප්‍රශ්නය : Register වීමෙන් පසුව මුදල් යැවීමේ කටයුත්ත කොහොමද සිදු වන්නේ ?

අපේ Clearing Bank එක විදිහට HSBC බැංකුවේ තමයි කටයුතු කරන්නේ . එතකොට ඕනෙම කෙනෙක්ට පුලුවන් තමන්ගෙ එංගලන්තයේ තියෙන බැංකු ගිණුමක් හරහා Online ක්‍රමයට HSBC බැංකුවට මුදල් Transfer කරන්න පුළුවන්. Transfer කරල අපිට e-mail එකක් එවන්න. Registration Number එකත් එක්ක . මුලින් Registration එකේදී හම්බවෙන Number එක තමයි ගනුදෙනුකරුගේ Registration Number එක. අපිට එවන e-mail එකේ මේ මුදල් ලබන්නාගේ තොරතුරු (Beneficiary) තොරතුරු පැහැදිලිව සදහන් කරන්න. අපි Registration Number එක මගින් හදුනාගන්නවා මේ ගනුදෙනුකරු කවුද කියලා. හිතමු බන්දුල සල්ලි යවන්න හදනවා බන්දුලගේ පවුලේ කෙනෙකුට. අන්න එතකොට අපි බලනවා මේ කලින් Register වෙලා ඉන්න Beneficiary කෙනෙක්ද කියලා. එහෙනම් ඒ තොරතුරු අපි ගාව තියෙනවා. එසේ නැතිනම් අපි කියනව මේ Beneficiary Register වෙලා නෑ, ඒ නිසා කරුණකරලා Beneficiary Register කරන Form එකක් එවන්න කියලා. වැරදි අවබෝධයක් තියෙනව පලවෙනි පාර Register කරහම ඕනෙම කෙනෙක්ට මුදල් යැවිය හැකි කියලා. මුලින් Register කිරීමේදී සඳහන් නොකළ අලුතෙන් කෙනෙක්ට මුදල් යවනවානම් Add Beneficiary Form එක පුරවා එවිය යුතුයි

ප්‍රශ්නය : සල්ලි යැවීම සදහා HSBC එකට මොකක් හරි Proof එකක් Attach කලයුතුද?

පිළිතුර : Payment reference එකට registration number එක විතරක් සදහන් කලාම ඇති .මොකද HSBC බැංකුව හරහා අපිට අදාල ගනුදෙනුව (PAYMENT/TRANSFER)සම්බන්දව සියලුම තොරතුරු ලැබෙනවා. HSBC එකට Funds Transfer කරපු සැනින් තත්පර කිහිපයක් අතුලත අපිට ලැබෙනව මුදල් ලැබුනයි කියන තහවුරුව (Online confirmation). BOCUK මේ සේවය ලබා දෙන්නේ ලංකා බැංකු ගිණුම් වලට පමණක් නෙවි. ලංකාවේ ඇති ඕනැම බැංකුවකට සුරක්ෂිතව, වගකීමෙන්, වේගවත්ව හා නීත්‍යානුකූලව මුදල් යැවීමේ පහසුකම තියෙනවා E-Cash Remittance සේවය හරහා.

ප්‍රශ්නය : සාමන්‍යයෙන් Beneficiary ට යම් Notification එකක් යනව ද මුදල් ආවා කියලා?

පිළිතුර : ලංකාවේ Beneficiary ට මෙහෙ ඉදලා Notification එකක් යන්නෙ නෑ. නමුත් , ලංකාවේ digital බැංකුකරණ පහසුකම් හරහා SMS Notification සේවාව ලබා ගන්න පුළුවන් . උදාහරණයක් ලෙස ලංකාවේ BOC බැංකුවේ ගනුදෙනු කරුවෙක් එයාගේ ගිණුමට SMS Notification Alert සේවය අරගෙන තියෙනවනම් එයාට ගිණුමට මුදල් (Credit) ආපුගමන් SMS එකක් එනවා සල්ලි ලැබුණා කියලා.

ප්‍රශ්නය : මුදල් යැවීම සදහා ලංකාවේ Bank working Day එකක් විය යුතුද?

පිළිතුර : නැහැ. ලංකාවේ Banking Day එකක් වියයුතු නෑ. ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ Inward Remittance Department එකේ SmatRemit System එක සමග අපි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මෙහෙන් මුදල් යැව්ව විගස ලංකාවේ බැංකු ගිණුම් වලට එසැනින් මුදල් ලැබෙනවා. ඒ නිසා අපේ මෙම e-cash සේවය මගින් ලංකාවේ ඕනැම බැංකුවකට වේගවත්ව මුදල් යැවීමේ පහසුකම තියෙනවා

Bank of Ceylon (UK) Ltd, No 1 Devonshire Square, London, EC2M 4WD

ප්‍රශ්නය : Bank Charges ගැන පොඩ්ඩක් පැහැදිලි කලොත් ?

පිළිතුර : ලංකාවේ පවතින තත්ත්වයත් එක්ක ලංකාවට මුදල් යැවීමට ගොඩ දෙනෙක්ට උනන්දුව තියෙන නිසා අපේ ශ්‍රී ලංකිකයන් අපෙන් ඉල්ලීමක් කරල තිබුනා Charges පොඩ්ඩක් අඩු කරන්න කියලා. ඒ ඉල්ලීම සඳහා සුබවාදී ප්‍රතිචාරයක් ලෙස June 1 වෙනිදා සිට අපේ Charges අඩු කරනු ලැබුවා. අපගේ ගාස්තු ගැන සදහන් කලොත් පවුම් 1,000 දක්වා මුදල් යැවීමේදී පවුම් 5ක් ලෙසත්, පවුම් 1,000 සිට 10,000 දක්වා යවනවා නම් පවුම් 7.5ක් ලෙසත්, ඒ වගේම පවුම් 10,000 වැඩි ඕනෑම මුදලක් යැවීමේදී අප අයකරන්නෙ පවුම් 15 පමණි

ප්‍රශ්නය : තවත් ප්‍රශ්නයක් තමයි මේ Rate එක. එතකොට අපි එය බලාගත යුත්තේ Web අඩවියෙන්ද?

පිළිතුර : ඔව් Web අඩවියෙන් ( https://bankofceylon.co.uk/exchange-rates ) බලාගත හැකි වගේම, අපගේ Facebook පිටුවෙන්ද ( https://www.facebook.com/bocukltd ) බලාගත හැකිය. අප එය දවස ගානේ Update කරන නිසා ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. විශේෂයෙන් මෙම exchange Rate එක ලබාදීම සදහා ලංකාවේ පවතින ඩොලරයට සාපේක්ෂව රුපියල් අනුපාතය (USD-LKR exchange Rate) එකත් බලපානවා. අපි බලාපොරොත්තු වෙනවා Market එකේ තියෙන හොදම Rate එක ලබා දෙන්න. නමුත් එය තීරණය වෙන්නෙ ලංකාවේ තියෙන පවතින ඩොලරයට සාපේක්ෂව රුපියල් අනුපාතය (USD-LKR exchange Rate) සහ පවුමයි - ඩොලර් එකයි අතර තියෙන ජාත්‍යන්තර විනිමය අනුපාතිකයත් (GBP-USD exchange rate) එක්ක..

ප්‍රශ්නය : අවසාන වශයෙන් Undial ක්‍රමයට නොව නීත්‍යානුකූල විදිහට යැවීම මගින් ශ්‍රී ලංකා වට වෙන සේවය පහැදිලි කලොත් ?

පිළිතුර : ශ්‍රී ලාංකිකයන් ලෝකේ කොහේ හිටියත් අපි හැමෝම හදවතින් සම්බන්ධ වෙලා ඉන්නව ලංකාවත් එක්ක. අපි හැමෝම කැමති අද ලංකාව තියෙන තත්ත්වයෙන් ගොඩ එනවනම්. ඇත්තටම ලංකාවේ විශාල අර්බුදයක් තියෙනවා තෙල්, ගැස්, විදුලිය නැතුව. ඒ වගේම අත්යාවශ්ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් නැති තත්ත්වයකට පත්වෙලා ඉන්නවා. මොකද මේ බොහොමයක් දේවල් ලංකාව තුල නිපදවන්නෙ නෑ. ඒ නිසා මේ දේවල් පිටරටින් ආනයනය කිරීමේදී එම රටවල් වලට ඩොලර් වලින් ගෙවීමක් සිදු වෙනවා.

ඒ සදහා අවශ්‍ය කරන විදේශ මුදල් රටට ලැබෙන ප්‍රධානතම මාර්ගයක් තමයි ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන් එවන විදේශ ප්‍රේශණ (foreign remittances). අපේ රට මුහුණපා සිටින විදේශ මුදල් හිගයට හොද විසදුමක් තමයි විදේශ ප්‍රේශණ ජාත්‍යන්තරව පිළිගත් බැංකු පද්ධතිය හරහා යැවිය යුත්තේ නිත්‍යනුකූල විදිහටයි. එවිට ඒ නිත්‍යනුකූල විදිහට යවන විදේශ මුදල් සියල්ලම ලංකාවේ විදේශ මුදල් සංචිත තුල එකතුව වෙනවා. වසරකට විදේශ මුදල් ප්‍රේශණ (Inward remittances)හරහා රටට ඇමරිකානු ඩොලර් බිලියන 6ක වගේ ප්‍රමාණයක් ලැබෙනවා. මහබැංකු වාර්තා අනුව මාර්තු සහ මැයි මාසවල ඩොලර් මිලියන 300කට වඩා වැඩි ප්‍රේශණ ප්‍රමාණයක් ලැබී තියෙනවා. මෙයින් පෙනෙනවා ලංකාව තුලට එන විදේශ මුදල් ප්‍රමාණයේ වැඩිවීමක් තිබෙනවා. එය හොද ප්‍රවනතාවයක්

මෙයින් අපි සම්මුඛ සාකච්ඡාව අවසන් කරනවා. නැවතත් මේ කාර්යබහුල වෙලාවෙ අපිට මේ අවස්ථාව ලබා දීම ගැන අපි මුලින්ම ස්තුතිවන්ත වෙනවා

පිළිතුර : අපගේ E- Cash Remittance සේවාව පිළිබඳව පැහැදිලි කිරීමට අවස්ථාව ලබා දීම ගැන මම ඔබට සහ Sesatha වෙබ් අඩවියට ස්තූති කිරීමට කැමතියි.

BOC UK