free counter statistics

.

.

UK Sri Lankan Community

එක්සත් රාජධානියේ බ(ර්)මිංහැම්හි ඉදිවන යුරෝපයේ විශාලතම ශ්‍රී ලාංකීය බෞද්ධ විහාරය

person

බර්මිංග්හැම් මහා විහාරයේ නව ඉදිකිරීම අවසන් වූ පසු රාත්‍රී කාලයට දිස්වන අයුරු දැක්වෙන ත්‍රිමාන සටහනක්

යුරෝපයේ විශාලතම ශ්‍රී ලාංකීය බෞද්ධ විහාරය බ(ර්)මිංහැම්හි Birmingham මේ වන විට ඉදිවෙමින් පවතින අතර මෙම විහාරස්ථාන පරිශ්‍රයේ ශ්‍රී ලංකාවේ කළුතර චෛත්‍ය රාජාණන් වහන්සේට සමාන චෛත්‍යයක් ඉදි කිරීමට සියලු කටයුතු සූදානම් .

ශ්‍රී ලංකාවට පමණක්ම බෞද්ධ ආගම සීමා නොකර බෞද්ධ ආගම සංස්කෘතිය ලොව පුරා ප්‍රචලිත කිරීමට බෙහෙවින්ම දායක වෙන භික්ෂූන් වහන්සේ නමක් ලෙස පූජ්‍ය කස්සප නා හිමියන් හදුන්වන්න පුළුවන්. 1968 වසරේදී පැවිදි වූ නා හිමි එදා සිට වර්ථමානය වෙන තෙක්ම ලොවට අසීමිත ලෙස මෙහෙයන් රැසක් සිදු කර ඇත.

මෙම බ(ර්)මිංහැම් මහා විහාරය, 1992 පූජ්‍ය විතාරන්දෙනිය කස්සප හිමි Midland International Buddhist Associationයටතේ ඉතා කුඩා ටෙරස් නිවසකින් මුලින්ම ආරම්භ කර ඇත . කස්සප ස්වාමීන් වහන්සේ සහ එම සංගමයේ සාමාජිකයන් විසින් Hockley වලින් ඉඩමක් මිලට ගෙන තිබෙන අතර කිසිම ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා තිබූ එම ඉඩමේ යුරෝපයේ තිබෙන අති විශාලතම බෞද්ධ විහාරය සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කර ඇත.

විහාරය මහල් හතරකින් යුතු ගොඩනැගිල්ලකි. එම ගොඩනැගිල්ලේ බැතිමතුන් 200 කට අධික පිරිසකට ආහාරපාන ලබා ගැනීමට හැකි වන ලෙස ඉදිකර ඇත. මෙහි පළමු මහල සම්මන්ත්‍රණ ශාලාව, පුස්තකාලය සහ කාර්යාල වලින් සමන්විත වේ. මෙහි තෙවන මහල නිදන කාමර දහයකින් සමන්විත වේ. මෙහි වෙනම නාන කාමර 10 ක් ඉදිකර ඇත. Birmingham බෞද්ධ විහාරයට පැමිනෙණ බෞද්ධ භක්තිකයන්ට මුදලට තරු හෝටල් වල නතර වී මෙම විහාරයට එනවා වෙනුවට ඒ වෙනුවෙන් මෙම නිදන කාමර 10 ඉදිකර තිබනවා. Birmingham බෞද්ධ විහාරයේ නේවාසිකව වැඩම සිටින නේවාසික භික්ෂූන් වහන්සේලාට මෙන්ම දුර බැහැර සිට Birmingham බෞද්ධ විහාරය නරඹන්නට, නවාතැන් ගැනීමට ඉදි කරන ලද්දකි. ගොඩනැගිල්ලේ ඉහල මහලේ චෛත්‍ය රාජාණන් ඉදි කිරීමට සැළසුම් කර ඇත. එය ශ්‍රී ලංකාවේ කළුතර චෛත්‍ය රාජාණන් වහන්සේට සමාන චෛත්‍යයක් වන අතර වැඩ අවසන්වූ පසු, බැතිමතුන්ට චෛත්‍ය රාජාණන් වහන්සේ ඇතුලටම ගොස් වන්දනාමාන කිරීමට හැකිවනු ඇත. එම චෛත්‍ය රාජාණන් වහන්සේගේ තැන්පත් කිරීමට බුදු රජාණන් වහන්සේගේ පිළිම 28 ක් මේ වෙන විටත් වැඩම කරවා ඇත.

Donations for Ongoing Maha Vihara Project

Now remaining only top floor (4th floor) which is pagoda and shrine room (inside). So there is going to be like (Kalutara Pagoda). There will be 28 Buddha statues (all are 5 feet high). Though all statues are being sponsored by devotees which costs £500.00 each one. Now we are looking for donors for Vihara floor including painting and other materials which cost over £20,000.00

We need 400 donors by £50.00. Those who are willing to do, they can donate online under provided bank details or send cheques M.I.B.A.U.K. (Midlands Int.Buddhist Asso. in U.K) 216, New John Street west, Hockley, Birmingham, B19 3UA.

Contact Temple on 0121 523 6660

The cost of this project has been estimated as 2 million pounds. We appreciate your generous contributions towards this worthy course.


බෞද්ධ රටවල් වල පමණක් නොව සෑම රටකම වාගේ ඉතා ප්‍රසිද්ධ තෙරුන්වහන්සේ නමක් ලෙස ආධ්‍යාත්මික සුභසාධන සේවා මගින් පූජ්‍ය කස්සප හිමි ප්‍රචලිතයි. උන්වහන්සේ සිය විදේශ මෙහෙවර සිදු කිරීම ආරම්භ කර ඇත්තේ 1985 දී අප්‍රිකාවේ සිටයි. 2003 වසරේදී ශ්‍රී ලංකාවේ රුහුණු විශ්ව විද්‍යාලය senate සබාව සහ Supreme Sangha Souncil මගින් පූජ්‍ය කස්සප හිමිගෙන් ලෝක වාසීන්ට සිදු කෙරෙන සේවාව අගය කර එම හිමියන් හට ගෞරව ආචාර්ය උපාධිය ලබා දී ඇත. මේ ලෙස ශ්‍රී ලංකාවේ රුහුණු විශ්ව විද්‍යාලය මගින් ගෞරවනීය ලෙස ගෞරව ආචාර්ය උපාධිය පිරිනමා ඇත්තේ ලොව පුරා සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් තෝරා ගන්නා ලද භික්ෂූන් වහන්සේලා පස් නමකට පමනයි.

එක්සත් රාජධාණියේ බෞද්ධ භික්ෂුවකට ලෙව පිළිගත් ආයතන දෙකකින් ද්විත්ව උපාධියක් පිරිනැමූ ඒ ඉතාම ගෞරවනීය ප්‍රථම අවස්ථාවද මෙය වේ. 1968 වසරේ ශ්‍රි ලංකාවේ කොළඹ ගංගාරාම විහාරයේදී බෞද්ධ භික්ෂුවක් ලෙස උන්වහන්සේ පැවිදි ව ඇත. පසුව එම හිමියන් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පිළිගත් බෞද්ධ සංවිධානයක් ආරම්භ කර ඇත. එය නමින් International Buddhist relief organization (I.B.R.O) ලෙස හැදින්විය හැකියි. එම සංවිධානය ලොව වටා බෞද්ධ ආගම සහ සංස්කෘතිය ප්‍රචලිත කිරීමට ආරම්භ කර ඇති බවයි එම සංවිධානය පවසන්නේ. දැනට එම (I.B.R.O) සංවිධානයේ ශාඛා ශ්‍රී ලංකාවේ සහ Singapore,Malaysia,Tanzania,Italy,Switzerland,india,Germany,united states, brazil , Zambia, Malawi, France ,Byelorussia යන රටවල් රැසක පිහිටා ඇත.

1996 වසරේදී පූජ්‍ය w.කස්සප හිමි විසින් ඉතාලියේ ශ්‍රී ලංකාරාමය නමින් ප්‍රථම බෞද්ධ විහාරය ආරම්භකර ඇත. අනතුරුව හිමියන් 2002 වසරේදී Midlands Buddhist community association නමින් බෞද්ධ හා සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය කිරීම සදහා මෙම සංගමය ආරම්භ කර ඇත. පූජ්‍ය කස්සප හිමි විසින් ලෝ වැසියන්ට සිදු කරන අසීමිත මෙහෙවරයන් නිසාම උන්වහන්සේ ශ්‍රී ලාංකික බෞද්ධ ජනයාගේ මෙන්ම ලෝක වාසීන්ගේද නිතරම ප්‍රශංසාවට, ගෞරවයට පාත්‍ර වන ඉතා පූජණීය මෙන්ම ගෞරවණීය හිමි නමකි.

පූජ්‍ය විතාරන්දෙනිය කස්සප හිමි විහාරස්තානයේ නව ඉදිකිරීම සම්බන්ධව 'Ceylon Mirror' නාලිකාව සමග පැවැත්වූ සම්මුක සාකචාවක්

Ven.Dr.Witharandeniye Kassapa one of the most senior monks in the United Kingdom who came to the U.K. 1986 and currently vice President of Sri Lanka Sangha Sabha (Sri Lanka Sangha Council) of Great Britain. He was awarded O.B.E. (Order of British Empire) for his outstanding works for national and international community around the world by Her majesty the Queen Elizebeth the 2nd of Great Britain in 2008 at Buckingham Palace in London. He is current and founder president of "The International Buddhist relief organisation" which is attached to the United Nations where there are over 15 branches around the world. He has done his first degree at Kalaniya University in Sri Lanka and I done his M.A. here in U.K. Also he was awarded Doctorate of Phd by Universty of Sri Lanka (Ruhuna University) in 2008 as well as Supreme Sangha Sabha of Rohana (Sangha Council) of Sri Lanka another doctorate.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වන සරෝජා සිරිසේන මහත්මිය විහාරාධිපති හමුවූ අවස්ථාවක්

shareShare this article