free counter statistics

.

UK Sri Lankan Community

Athula Dassana Dhamma School in London - එංගලන්තයේ අපේ දරුවන්ට සිංහල සහ බෞද්ධ ආගම උගන්වන ONLINE දහම් පාසැල

person

ලොව පුරා විශේෂ මෙහෙවරයන් රැසක් සිදු කල වදුරඹ කස්සප ස්වාමීන් වහන්සේ (Ven. Wanduramba Kassapa thero) පුරා වසර ගනනාවක් ජාතික, ආගමික සහ සමාජීය කටයුතු වල නිරත වීමෙන් පසු එම තෙරුන්ගේ අනුග්‍රහය යටතේ මෙම අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරය පිහිටුවා ඇත. අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරය 2011 වසරේ ජූලි මස හත් වෙනි දා ආරම්භ කර ඇත. මෙය බෞද්ධ ජනයාගේ යහපත උදෙසා සහ දෛනික වත් පිළිවෙත් පැවැත්වීම මගින් ශික්ෂා පද පහ පිළිපදින යහපත් සමාජයක් ගොඩ නැගීමට ගරුතර කස්සප ස්වාමීන් වහන්සේ විසින් ගන්නා ලද උත්සහයකි.

දැනට එංගලන්තයේ පවතින කෝවිඩ් තත්වය නිසා Online තාක්ෂණය ඔස්සේ මේ සියළු දේ විහාරය මගින් ඉඩ සලසා දී ඇත. අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරය මගින් සෑම දිනකම සවස 6 ට සවස බුද්ධ පූජාවේ සජීවී විකාශණ සේවාවක් ජනතාවට ලබා දෙන අතරම සැම විටම විශේෂ ධර්ම දේශණයන් සහ ධර්ම සාකච්ඡා වැඩමුළු පවත්වයි. එම විහාරස්ථානයේ නිල ෆේස්බුක් පිටුව මගින් සහ එම විහාරයේ නිල යූටියුබ් නාලිකාව මගින් මේ ලෙස පවත්වන විශේෂ සේවාවන් නැරඹීමට සහ එම ක්‍රියාවන්ට දායක වීමට ඉඩ කඩ සලසා දී ඇත. එය වඩාත්ම ප්‍රයෝජනවත් වන්නේ එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට සහ ඔවුගේ දුවා දරුවන්ටයි

පූජ්‍ය වදුරඹ කස්සප ස්වාමීන් වහන්සේ මෙම දහම් පාසැල දරුවන් අට දෙනෙකු සහභාගි කර ගෙන මුලින්ම ආරම්භ කර ඇත. බෞද්ධ ආගම සහ සිංහල භාෂාව ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන වයස අවුරුදු 03 ට වැඩි දරුවන්ට දහම් පාසැලට ඇතුලත් වීමට ඉඩ සලසා දී තිබේ. දැනට දරුවන් 100 පමණ දහම් පාසැලට සහභාගී වෙයි.

දහම් පාසැල මගින් සෑම වයස් කාණ්ඩයකම දරුවන්ට බුදු රජාණන් වහන්සේගේ ජීවිත කතාව සහ එතුමන් දෙසූ උතුම් ධර්මය පිළිබද සරල සමබර විෂය මාලාවක් ඉදිරිපත් කරනු ලබයි. ඉගෙන ගන්නා සිසුන් හට බුද්ධාගම පංති හයක් පවත්වයි. සිසුන්ගේ වයස අනුව ඔවුන්ව පංති වලට වෙන් කරන අතර සියළුම පංති සිංහල භාෂාවෙන් පවත්වයි. නමුත් සිංහල භාෂාව පිළිබද සීමිත දැනුමක් පමණක් ඇති සිසුන්ට ඉංග්‍රීසි භාෂාවෙන් උපකාර කිරීමට සහ දැනුවත් කිරීමට ගුරුවරුන් යොදා ඇත. සිංහල භාෂාව ඉගැන්වීමට පංති පහක් ඇත. මෙම පංති සංවිදානය කර ඇත්තේ සිසුන්ගේ වයස සහ සිංහල භාෂාවට ඇති හැකියාව අනුවයි

Main purpose of the Dhamma School is to educate the younger Sri Lankan generation in Buddhism, Sinhala Language and Sri Lankan culture. Venerable Wanduramba Kassapa Thero started the Dhamma School in 2012 with just 8 children. At present they have more than 100 students enrolled in the Dhamma school. Enrolments are open for anyone over the age of 3 years who is interested in learning Buddhism and the Sinhala language.

Classes offered

Dhamma school offers a broad and balance curriculum that enable children of all ages to learn the life and teachings of the Buddha.

Buddhism (Dhamma) Classes

Dhamma school have six Buddhism Classes. As they prepare our children for YMBA examinations, children are allocated to classes based on their age.

Sinhala Language Class:

There are five Sinhala Language classes. These classes are organised depending on children’s age and the ability in Sinhala language.

Extra Activities

Dhamma School Children actively participate in various functions\events organised by our Dhamma School and by the Athula Dassana International Buddhist Vihara. These include events such as the Sri Lankan New Year Day celebrations; Independent Day Celebrations and a number of Buddhist festival including special Vesak programmes, Katina Day events, Bakthi Geetha Programme and special Sil programmes are to name few

Dhamma School ensure the environment is safe place for Children and make certain that all our teaching staffs are fully vetted (criminal records checks; DBS). Several Teachers have received Child protection and safeguarding training delivered by the National Society for the Prevention of Cruelty to Children (NSPCC).

Athula Dassana Dhamma School 13/2/2021

කොවිඩ් තත්වයට පෙර අවස්ථා කිහිපයක චයාරූප කිහිපයක්

shareShare this article