We are pleased to announce the launch of the new Sesatha UK web. It is a new concept 'UK Sri Lankan Community & Lifestyle Web'. We bring you the latest community and business news, articles on food, cooking, health, travel & leisure, Sinhala Radio, Sinhala & Bollywood music videos and more.

“සේසත” වෙබ් අඩවියට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු...

"සේසත" දස වසරක් පුරාවට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අප සමීප වන්නේ "Sri Lankan Event Portal" වෙබ් අඩවියක් ලෙසටය.

ශ්‍රී ලාංකීය බැඳීම් තවත් ශක්තිමත් කරමින් සෑම වසරකම, නව අවුරුදු උදාවේ සිට නත්තල් සාදය දක්වාම සෑම මසකම පැවත්වෙන විවිධ ශ්‍රී ලාංකික උත්සව සඳහා මාධ්‍ය ආවරණය ලබා දෙමින්, ඒවායෙහි අත්දැකීම් ඔබට සමීප කිරීමට සේසත අපි කටයුතු කළෙමු.

මේ සියලුම තත්වයන් වෙනස් කරමින් 2020 වසරේ මුල භාගයේ සිටම කොරෝනා වසංගතය සියලුම කටයුතු අඩපණ කරමින් කිරීමින් පැතිර යන්නට වූයේ උත්කර්ෂවත් ලෙස පැවැත් වූ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව, මනරම් සංගීත ප්‍රසංග, තරගකාරී ක්‍රීඩා උත්සව ආදිය දින නියමයකින් තොරව ම නතර කර දමමින් ය.

මව් රටෙන් එතෙර රටක ජීවත් වන ඔබ අප සියලු දෙනාටම නිවාස තුල තනි වන්නට සිදු වූයේ නැවත පෙර තිබූ තත්වයට පත් වන දිනයක් ගැන බලාපොරොත්තු පේන මානයකවත් නොතබමිනි. මේ හුදෙකලාවට තිත තබමින් “සේසත” අපි ඔබට සමීප වන්නට සිතුවෙමු.

මෙතැන් සිට "සේසත" වෙබ් අඩවිය නවමු මානයකට යොමු වෙමින්, “UK Sri Lankan, Community and Lifestyle Web Site” එකක් ලෙස ඉදිරියේදී ඔබ වෙත සමීප වනු ඇත. සේසත වෙබ් අඩවියට සම්බන්ධ විශේෂ කර්තෘ මණ්ඩලයක් ඔස්සේ විවිධ තේමාවන් හා බැඳුණු රසවත් ලිපි ද, වීඩියෝ සහ පින්තූර මුසු විශේෂාංග ද පවුලේ ඔබ සැමට කියවා රස විඳ ගැනීමට හැකි නවමු මාධ්‍ය අත්දැකීමක් ඔබට සමීප කිරීමට "සේසත" අපි සූදානම්.

මෙම නවමු අත්දැකීම පිළිගන්නා ලෙස, දස වසක් පුරා අප හා රැඳි සහෘද වෙබ් පරිශීලක ඔබ සැමට "සේසත" අප ආදරයෙන් ඇරයුම් කර සිටිමු.