HOME

 Share on Facebook or Email to friends  

Bookmark and Share
 
 
'ඉල් මහා විරුවන් සැබවින්ම සැමරිය හැක්කේ ඔවුන් ප්‍රාර්ථනා කළ යහපත්  සමාජය ගොඩනැගීමෙන් පමණයි'. ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා ලන්ඩනයේදී කියයි.
 
      ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා , උපතිස්ස ගමනායක සහෝදරයා ඇතුළු 88-89 කාලයේ  දේශප්‍රේමී අරගලයේදී  දිවි පිදු දහස් ගණනක් වූ විරුවන් හා වීර වරියන් සිහි කරන 27 වන  ඉල් මහා විරු සමරුව පසුගියදා ලන්ඩන් නුවර වේල්ෆාම් ක්‍රීඩාගාර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
          ජනතා විමුක්ති පෙරමුණේ එක්සත් රාජධානි කමිටුව සංවිධානය කළ මෙම විරු සමරුවේ ප්‍රධාන සමරු දේශනය පැවැත්වුයේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික ,කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස සහෝදරයා විසිනි. මහා බ්‍රිතාන්‍යයේ විවිධ පළාත් නියෝජනය කරමින් පැමිණි ජවිපෙ සාමාජික සාමාජිකාවන් , ආධාරකරුවන්, හිතවතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම විරු සමරුවේ මුලසුන ජවිපෙ එක්සත් රාජධානියේ සංවිධායක දර්ශන හෙට්ටිආරච්චි සහෝදරයා විසින් උසුලන ලද අතර දර්ශනීය ලෙස ඉදිකළ විරුසමරු ස්මාරකය ඉදිරියේ මල් පහන් තබා විරු සමරු ගී ගයා විරුවන්ට උපහාර පිදීමෙන්  සුපුරුදු ලෙස විරු සමරුවේ ආරම්භය සිදුවිය. මෙහිදී  කැපී පෙණුනු විශේෂත්වය වුයේ අභාවප්‍රාප්ත කිවූබානු හිටපු නායක ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයාද සිහිකර ගෞරව උපහාර දැක්වීමයි.
 
          මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ   මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා 'සාතිශය දුක්  විදින බහුතරයක් වූ ශ්‍රී ලාංකික ජනතාවගේ විමුක්තිය, ජයග්‍රහණය හා වඩාත්  යහපත්  අනාගතයක් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා , උපතිස්ස ගමනායක සහෝදරයා ඇතුළු දහස් ගණනක් වූ විරුවන් හා වීර වරියන් දිවි පුද කල් බවත්, අමරණියවූ ඔවුන්ගේ උදාර වූ අරමුණු  ජයග්‍රහණයෙන් අවසන් කිරීමේ වගකීම  ජීවත්ව සිටින සැබෑ  මානවප්‍රෙමි ශ්‍රී ලාංකික සැමගේ වගකීමක් බව ප්‍රකාශ කළේය. නිදහසින් පසු වසර 68 ක් රට පාලනය කළ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනතා ප්‍රශ්න විසඳිය නොහැකි බව ඔප්පුකර ඇති අතර දුෂණය, භිෂණය ,වංචාව, හා මර්ධණය ඔවුන්ගේ පාලනයේ විශේෂ විධික්‍රමය බවත් වෙන් වෙන්ව රට පාලනය කල් ඔවුන් වර්තමානයේ සන්ධානගතව සිදු කරමින් සිටිනෙත් ඉතිහාසයේ ඒ අය ක්‍රියා කළ අවිද්‍යාත්මක, අවිචාරවත් විනාශකාරී ක්‍රියා පිළිවෙතම බවත් කරුණු සහිතවම පෙන්වා දෙන ලදී. ඒ නිසා  51 වසරක් දේශපාලනයේ යෙදුනු ජනතා විමුක්ති පෙරමුණේ උර මත ශ්‍රී ලංකාවේ අනාගත වගකීම පැටවී ඇති බවත් ඒ සඳහා විදෙස් ගත ශ්‍රී ලාංකික ජනතාවට ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ වී විශාල කාර්‍යභාරයක්  ඉටුකිරීමට ඇති බවත් ප්‍රකාශ කළේය. විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ජවිපෙ විදෙස්  කමිටු හා එක්වී ජවිපෙ පිලිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය මුලිකම දේ බව පැවසු ඔහු ශ්‍රී ලාංකික ජනතාව සංවිධානාත්මක ලෙස බල මුළු ගැන්වීම ජයග්‍රනයේ පදනම බවත් පැහැදිලි කළේය.  මෙහිදී ජවිපෙ එක්සත් රාජධානි කමිටුව වෙනුවෙන්  සංවිධායක දර්ශන හෙට්ටිආරච්චි, රන්ජිත් විජේසිරිවර්ධන සහෝදරවරුද අදහස් දැක්වුහ...
 
 
Create righteous society to truly commemorate November Heroes – Comrade Nalinda Jayatissa
Press Release
 

‘November Heroes could be truly commemorated only by creating the righteous society they aspired for says Comrade Nalinda Jayatissa addressing a seminar in London.

The 27th Commemoration of November Heroes that commemorates the founder of the JVP Comrade Rohana Wijeweera, Comrade Upatissa Gamanayaka and all those comrades who sacrificed their lives for the Motherland during 88-89 period was held in Vale Farm Sports Center Auditorium in London recently.

The commemoration speech of the ceremony organized by the JVP Committee in UK was delivered by the Member of the Central Committee of the JVP Kalutara District Parliamentarian Comrade Dr. Nalinda Jayatissa.

The seminar participated by a large number of JVP members, sympathizers and supporters who had come from all over the UK was chaired by the Organizer of the UK committee Comrade Darshana Hettiarachchi.

The participants paid their tributes to November Heroes with flowers and lighting candles in front of the elegant monument that was erected. What was significant was that tribute was also paid to Cuba’s greatest revolutionary Comrade Fidel Castro.

Speaking further Comrade Nalinda Jayatissa said, “Comrades Rohana Wijeweera, Upatissa Gamanayaka and thousands of comrades sacrificed their lives for the liberation of the downtrodden masses in Sri Lanka. He said the responsibility of bringing victory to their magnanimous intentions is with genuine patriots in the country.

Comrade Nalinda Jayatissa said the UNP and the SLFP that have ruled the country for 68 years have proved that they are not able to solve the issues of the masses. He said frauds, corruption, waste and suppression are the characteristics of their rule and pointed out these parties have proved that they are unable to find solutions whether they rule alone or jointly. He said they have nothing new to give to the people other than unscientific, indiscriminating methods they have been following throughout their history.

Comrade Nalinda Jayatissa said the responsibility of the future of Sri Lanka has been thrust on the shoulders of the JVP that has been in the political arena for 51 years. He said Sri Lankans living abroad too has a great task to fulfill in the path towards liberation and said Sri Lankans living abroad should join the JVP committees in their countries to get a correct picture of the party. He said the foundation of victory is organizing the people in Sri Lanka and making them knowledgeable in politics.

Comrade Dharshana Hettiarachchi, the Organizer of UK Committee, and Comrade Ranjith Wijesiriwardena also spoke.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

SESATHA - The Sri Lankan Event Portal in UK