HOME

 Share on Facebook or Email to friends  

Bookmark and Share
 
 
ලන්ඩන් විහාරයේ 90 වසරක සාශනික සේවය පෙන්වයි.

Report/Pictures by Tissa Madawela

 
අහගාරික ධර්මපාල තුමන් විසින් විශාල පරිශ්‍රමයක් දරා 1926 දී ආරම්භකොට අද වනවිට යුරෝපයේ ප්‍රමුඛ තම ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්ව ඇති ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයමඟින් එදා මෙදාතුර පිවිතුරු බුදුදහම යුරෝපයේ ප්‍රචලිත කරවීම උදෙසා සිදුකල උදාර සේවාව පිළිබිඹු කරන චයාරුප ප්‍රදර්ශනයක් සෙනසුරාදා සවස විහාරස්ථ ධර්ම ශාලාවේදී විවෘත කෙරුණි. බ්‍රිතාන්‍ය රජයේ පළාත් සභා සහ ප්‍රජා කටයුතු පිලිබඳ අමාත්‍ය නිකලස් බොර්න් සාමි වරයා විසින් උත්සවාකාරයෙන් විවුර්තකෙරුන මෙම ප්‍රදර්ශනය ලබන 15 වෙනි බ්‍රහස්පතින්දා දක්වා පැවැත්වෙයි. 
මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ මුලිකත්වයෙන්, විහාරවාසී මහා සංඝරත්නය විහාර පාලන මඬුල්ල, දහම් පාසල් ගුරු දෙමාපියන්, සිසු සිසුවියන්, දායක කාරකාදීන්, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාවේ ආනන්ද, නාලන්ද, ධර්මරාජ, මිලාගිරිය ශාන්ත පාවුළු, ගාල්ල මහින්ද සහ දෙවි බාලිකා යන පාසල්වල ආදිශිෂ්‍ය ශාඛා ඇතුළු අනෙකුත් සැදැහැවතුන්ගේ සහයෝගිතාවයෙන් මෙම ප්‍රදර්ශනය සහ ලබන සෙනසුරාදා පැවැත්වෙන ප්‍රධාන දේශනයත්,පිරිත් පින්කමත් ඉරිදා හිල්දානමය පිංකමත් සංවිධානය කර ඇත.
චයාරුප ප්‍රදර්ශනය විවුර්ත කිරීම සඳහා බොර්න් සාමි වරයා සමඟ බ්‍රිතාන්‍යයේ බෞද්ධ සංගමයේ සබාපති ආචාර්ය ඩෙස්මන්ඩ් බිඩල්ෆ් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වුහ.
ලබන 17 වන සෙනසුරාදා සවස 5ට ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය මඟින් පසුගිය වසර 90 ක දීර්ඝ කාලය තුල සිදුවූ සාශනික සේවාව අලලා විශේෂ දේශනය පවත්වන්නේ බ්‍රිතාන්‍යයේ සහකාර ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුගීශ්වර ගුණරත්න විසිනි. එදින රාත්‍රී 7.30 සිට පරිත්ථාන ද්‍රර්ම දේශනයක්ද පසුවදා උදෑසන 7 ට පිංකම සඳහා වැඩම කරවනු ලබන මහා සංඝ රත්නය උදෙසා පිරිනැමෙන දානමය පින්කමක්ද පැවැත්වෙයි.
චයාරුප ප්‍රදර්ශනය දිනපතා සවස 7 සිට රාත්‍රී 9 දක්වා විවෘත වනු ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ සීලවිමල නාහිමියෝ මෙසේ පැවසුහ. "ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය වසර 90 ක් වැනි දීර්ඝ කාලයක් තුල නොනවත්වා පවත්වාගෙන යාම තුලින් යුරෝපයේ ථෙරවාදී බුදුදහම ප්‍රචලිත කරවීම උදෙසා සිදුකල උදාර මෙහෙය සිහිපත් කිරීම ඉතාම වැදගත් වෙයි. අනගාරික ධර්මපාල තුමන් විසින් බුදු දහමේ චිරස්ථිතිය උදෙසා ඉටුකළ අනුපමේය සේවාවන් අතර ලන්ඩන් නුවර ථෙරවාද බෞද්ධ විහාරස්ථානයක් ආරම්භ කරමින් ධර්මදුත සේවාවක් හඳුන්වාදීමද ඉතාම වැදගත් පියවරක් බව මේ අවස්ථාවේදී එතුමන්ට පින්දෙමින් සිහිපත් කලයුතු වෙයි. 1926 දී බටහිර රටවල බුදුදහම පිළිබඳව එතරම් අවබෝධයක් නොතිබුන කාලයක විශාල උත්සාහයක් දරා එතුමන් විසින් ආරම්භකළ මෙම විහාරස්ථානය අදවනවිට යුරෝපයේ ප්‍රමුඛතම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්ව තිබීම තුලින් එතුමන්ගේ සැදැහැවත් අභිප්‍රාය මල්ඵල ගැන්වී ඇතිබව පෙනීයයි.
ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ ඉතිහාසය පෙන්වා දෙන මෙම ප්‍රදර්ශනය ඇතුළු පින්කම් සියල්ල සංවිධානය කිරීමෙහිදී නන් අයුරින් වෙහෙස මහන්සිවී කටයුතු කළ ත හිතදුන් සියලුම දෙනාටත් කොළඹ අනගාරික ධර්මපාල පදනමටත් පුන්යානුමොදනා කරන්නෙමු" 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

SESATHA - The Sri Lankan Event Portal in UK