HOME

 Share on Facebook or Email to friends  

Bookmark and Share

 
ලන්ඩන් නගරයේ  ශ්‍රී සම්බෝධි සත්බුදු වන්දනා පිංකම 
Press Release
 
මෙම වසරේ වස් කාලයට ආරම්භයක් ලබා දෙමින් ලන්ඩන් නගරයේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මද්‍යස්ථානය විසින් අසිරිමත් සත්බුදු වන්දනා පින්කමක් පසුගිය 24 වන ඉරු දින විහාරශ්‍ර පරිශ්‍රයේ දී සියයකට අදික බෞද්ධ දායක දායකාවියන්ගේ  ගේ සහභාගිත්වයෙන් පවත්වනලදී.
කොළොඹ 7 ශ්‍රී සම්බෝධි විහාරයේත් ,ලන්ඩන් ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මද්යස්ථානයේ හා බෞද්ධයා මාද්‍ය ජාලයේ ගරු සභාපති තැන්පත් දරණාගම කුසලධම්ම නායක හිමිපාණන් ගේ මග පෙන්වීම හා අනුශාසකත්වයෙන් හා ලන්ඩන් ශ්‍රී සම්බෝධි  විහාර වාසි මඩුගල්ලේ මහානාම හිමිපාණන් ගේ මුලිකත්වයෙන් පැවතුන මෙම පින්කමට අටසිල්  ව්‍යාපාරයක්ද ,ඇසළ පෙරහරක් සහ සියල්ලුම පින්වතුන්ගේ සහභාගිත්වයෙන් පවත් වූ සත්බුදු වන්දනාමය පිංකම පවත් වුහ.
සමන් පිච්ච ඇතුළු ස්වබාවික මල් විශාල ප්‍රමාණයකින් අලංකාර වූ සත් බුදු වන්දනා කුටිය පමණ සිටි පිරිසගේ විශේෂ  අවදානයට පත්විය. තායිලන්ත ජාතික ප්‍රා නිකොන් භන්තේ හිමිපාණන් ද මෙම පින්කමට සහභාගී විය .
සියල්ල අවසානයේ පැමිණ සිටි පිරිසට ඉඳිආප්ප දන්සැලකින් සංග්‍රහ කිරීමට සංවිධායක කමිටුව කටයුතු කරන ලදී,
සටහන සහ පින්තුර  -සුජිත් දිසානායක ලන්ඩන් නුවර සිට 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

SESATHA - The Sri Lankan Event Portal in UK