අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේගේ තෙමස් පූර්ණ අනුස්මරණය

Press Release

කොලඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේගේ තෙමස් පූර්ණ අනුස්මරණය නිමිත්තෙන් උන්වහන්සේට පින් අනුමෝදන් කරමින් ලන්ඩනයේ ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථායේ 2018 ජූනි මස 02 වෙනි දින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් පැවැත්විණි. පිච්චමල් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් භාවිතා කරමින් සකසන ලද පිරිත් මණ්ඩපයේ වැඩසිටිමින් මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක හිමියන් ප්‍රමුඛත්වයෙන් සහ මහා බ්‍රිතාන්‍යයේ විහාර රාශියක් ආවරණය කරමින් ස්වාමින් වහන්සේලා 23 නමකගේ සහභාගිත්වයෙන් මෙම පින්කම සිදු කරන්නට විය. එංගලන්තයේ වැඩබලන මහකොමසාරිස්තුමා වන සුගීෂ්වර ගුණරත්න මැතිතුමාද මේ අවස්ථාවට සහභාගි විය.

පූජ්‍ය මඩුගල්ලේ මහානාම නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්ද, පූජ්‍ය නාවෙලගම අමිතදස්සන හිමියන්ගේ අප්‍රතිහත කැපවීමෙන්ද, විහාරස්ථ දායක සභාවේ අනුග්‍රහකත්වයෙන් ,දැඩි කැපකිරීම් සහ උනන්දුවෙන්ද මෙම පින්කම අතිසාර්ථකත්වයකින් නිමාවට පත්විය. එසේම මෙම පින්කම සදහා තුන්සීයකට අධික පිරිසක් සහභාගි වූ අතරම පසුදා උදෑසන කිරිපිඩු පූජාවත් සමග භික්ෂූන් වහන්සේලා උදෙසා පිරිනැමූ දානමය පූජාවෙන් අනතුරුව මෙම උතුම් පින්කම නිමාවට පත්කරන්නට විය.