Unveiling of new Stupa of Sri Sambodhi Meditation Centre in London - අභිනවයෙන් ඉදිකෙරුණ චෛත්ය රාජයාණන් වහන්සේ

පින්තුර සමන් සුරියබණ්ඩාර සහ සටහන සුජිත් දිසානායක

පසුගිය ඉරු දින ලන්ඩන් නුවර ශ්‍රී සම්භෝධි භාවනා මධ්‍යස්ථානයට ඉතා විශේෂ දිනයක් උදවිය.එනම් මෙම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණ චෛත්ය රාජයාණන් වහන්සේ ඉතාමත් උත්කර්ශවත් අයුරින් විවෘත කිරීමේ පිංකම පැවැත්වීමය.

කල්‍යාණ ඔබේසේකර සහ නදීරා ඔබේසේකර යුවල සහ එම පුතුන් දෙදෙනාගේ ධන පරිත්‍රයාගයෙන් ද අජිත් අමරසිංහ මහතාගේ ඉංජිනේරු තාක්ෂණයෙන් සහ තාමර උදයසිරි සහ දිනේෂ් විතානගේ යන මහතුන්ගේ උපකාරයෙන් මෙම ඉතා දර්ශනීය චෛත්ය රාජයා නිම කරවන ලදී.

කොළබ 7 ශ්‍රී සම්බෝධි විහාරයෙත් , ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේත් සහ බෞධයා මාධ්‍ය ජාලයේත් ගරු සභාපති දරණාගම කුසලධම්ම නායක ස්වාමින්වහන්සේගේ මග පෙන්වීමෙන් සහ අදික්ෂණයෙන් ඉදිකෙරුණ මෙම මහා චෛත්ය රාජයාණන් වහන්සේ විවෘත කරණු ලැබුවේ මහා බ්‍රිතානයේ ප්‍රධාන සංග නායක සහ ලන්ඩන් බෞද්ධ විහාරයේ නායක බෝගොඩ සීලවිමල නාහිමියන් විසින් කොත් කැරැල්ල නිරාවරණය කිරීමෙනි.

තවද මෙම පිංකම සදහා රෙඩ් බ්‍රිජ් බෞද්ධ විහාරයෙන් පෙතිගමුවේ හේමරතන ස්වාමින්වහන්සේ සහ අධ්‍යාපනපති කලවානේ ආනන්ද නායක හිමියන්ද ලේච්වර්ත් බෞද්ධ විහාරයේ විහාරාධිකාරී සුරියවැව කුසල ස්වමින්වහන්සේද තායිලන්ත විහාරය වෙනුවෙන් තායි ජාතික ප්‍රා නිකොම් හිමියන්ද වැඩම කරනු ලැබිය.

මෙම පින්කමේ සියලු කටයුතු මෙහෙයවන ලද්දේ ලන්ඩන් ශ්‍රී සම්බෝධි විහාරවාසී මඩුගල්ලේ මහානාම ස්වමින්වහසේ සහ නාවෙලගම අම්තදස්සන ස්වාමින්වහන්සේ විසිනි.මෙම පිංකම සදහා ඉතා විශාල දායක දායිකා පිරිසක් සහභාගිවන ලදී.